සමිඳු මඟ යමිනා දේව භයින් වසනා
කිතු පවුලක් වෙමු අපි සැවොම
දෙවිඳුන් හට ගෞරව ගෙනෙන
සියොනේ සිට සමිඳුන් ආසිරි
වගුරයි අප දිවි වෙත නිරතුරු සැමදා

නුවණ ලබමු අපි දේව භයින්
දවස් වැඩි වෙයි දේව භයින්
මහත් නිසැකකම දේව භයින්
සමිඳු මඟ යමු දැන්

සොයුරු සොහොයුරියන් නෑසියන් මිතුරන්
මාපිය දූදරු අපි සැවොම
ඵල දරමුව දෙව් මහිමයට
සියොනේ සිට සමිඳුන් ආසිරි
වගුරයි අප දිවි වෙත නිරතුරු සැමදා

නපුරෙන් දුරු වෙමු දේව භයින්
ජීවනෙ ලැබගමු දේව භයින්
ධනය ගෞරවය දේව භයින්
ආසිරි ලබමු ඉතින්

සමිඳු මඟ යමිනා දේව භයින් වසනා
කිතු පවුලක් වෙමු අපි සැවොම
දෙවිඳුන් හට ගෞරව ගෙනෙන
සියොනේ සිට සමිඳුන් ආසිරි
වගුරයි අප දිවි වෙත නිරතුරු සැමදා //








ගායනය: ශෙහාන් දේවප්‍රිය