~ අනුවාදනය x 2 ~

     සෙනෙහස ගලා ගියා
     මට ආදරේ නිසා
     රුධිරය ගලා ගියා
     මගෙ පව් බර නිසා //

සමිඳුනි ඔබ මා ගැන සිතන්නට
මා සතු වටිනාකම කිමදෝ //
සිතා ගන්න බෑ දෙවිඳුනි මාහට
මෙතරම් ඔබ ආදරේ කියා
මෙතරම් ඔබ ආදරේ කියා

සෙනෙහස ගලා ගියා... x 1

ඔබ මැව් සැමදේ මටම භාරදී
යටත් කරන්නට මා කව්දෝ //
සත් සමුදුර සැම සතුන් කෙරේ
අධිපතිකම දුන්, සමිඳේ
බලය දුන්නු දෙවිඳේ

සෙනෙහස ගලා ගියා... x 2