(1)

නිලඹර දිලෙයි - බැති මල් පිපෙයි
මුළු ලොව තුටු ගී ගයයි
තරුවක් දිලෙයි - ලොව එළි කරයි
සතුටින් මුළු ලොව පිරෙයි

බිළිඳෙක් හඬයි - මව ගී ගයයි
ප්‍රේමය ලොව පැතිරේ
සැම දණ නමා - බිළිඳුන් නමදිව්
ඒ සාමයේ කුමරුන් වගයි

ප්‍රේමයේ ගී හඬයි
ලෝ දනා තුටින් ගී ගයයි
සෑම ජාතින් පවසයි
ඒ ප්‍රේමයේ දෙවිඳුමයි
ලෝ දණන් සැම හට බෙදයි
එතුම් ප්‍රේමය ලෝ පැතිරෙයි
සැම දණ නමව් - සැම දිව් පවසව්
ඒ ප්‍රේමයේ දෙවිඳුමයි

=== Music ===

(2)

දම් වැසි වස්සාලා සමිඳා
අප හදවත් වල මල සෝදා
යහමග පෙන්වා දුන් සමිඳා
නමඳිමු අපි සැවොමා

දෙව් බිළිඳු රජා ගවලෙනක එදා
සීතල ඒ රැයෙදී
බොහො දිළිඳු ලෙසා
මහ උපත ලබා
මුළු ලොව එළිය කලා

සත වෙත ගුණ මෙත් දම් පතුරා
මනුසත අප පාපෙන් ගලවා
සාමය ලොව පැතුරූ සමිඳා
නමඳිමු අපි සැවොමා

=== Music ===

(3)

තාරකාව පෙරින් දැකලා
නැණවතුන් ආවේ සොයා
ගෝහල බිළිඳා දිටී
පුදකළේ පඬුරු මනා...

අනගි තරුව අඹරේ දිලෙනා
ලෝකේ එළි කරනා
අඳුරු රැයක තරු රැස් විහිදා
මං මුළාවුන් ගෙනෙනා //

යටහත් වූ දෙව් කුමරා
මනුවෙස් ගෙන පෙමිනා
පවිටුන් මුදන ලෙසා
උපනි දුගී ලෙනකා...

ශ්‍රේෂ්ඨ සුරිඳා ගව ඔරුව තුළේ
සාමේ උවනින් දිලේ
බිළිඳු කුමරුන් මාගේ යේසුන්
මා හද තුල රජවන් //

=== Music 1, 2 ===

(4)

සාමයේ කුමාරයා
ලෝ දනාට පා දයා
පාපයේ බලේ හා රෝග ආදීදේ
සුන්කළා හාලේලූයියා!

රීතියේ සාමයේ ඒ පුවතේ
ගී නද නිලඹරේ පැතිරේ
දූතයෝ ඒ හසුනා ගෙන එත්
බෙත්ලෙහෙමේ ඉපදි යුදයේ
තේජසෙ දෙව් කුමරා සැතපේ
ලෝ මුදනා සමිඳාමය මේ

සාමයේ කුමාරයා
ලෝ දනාට පා දයා
පාපයේ බලේ හා රෝග ආදීදේ
සුන්කළා හාලේලූයියා!

=== Music ===

නිල් අහසේ තරුවේ එළියෙන්
මේ බිළිඳා පඬුවෝ සොයමින්
ආමුදු ඒ කල පූර්ව දිගින්
මේ ගැලවුම්කරු ලෝකයෙහි
නෑ දුටුවේ රජමාළිගෙහි
වූයෙන ගෝහලයේම බිහි

සාමයේ කුමාරයා
ලෝ දනාට පා දයා
පාපයේ බලේ හා රෝග ආදීදේ
සුන්කළා හාලේලූයියා!

(5)

ම......... මහිම වේ
තේජසේ රජු හට //

දූතුන්ගේ ගී හඬැසෙයි
අනගිවූ මිහිරෙන් නමදියි
කඳු හෙල් ගංගා ගී ගයයි
තුති ගී ඝෝෂා රැව් නැෙඟයි

ම......... මහිම වේ
තේජසේ රජු හට //

(6)

තටු ගෙන සුදු හිම ඉගිලෙනවා
අතුමත මුතුමෙන් බබළනවා
හිරු කැන් සුදු ඊතල වෙනවා
සැම තැන රිදී වගේ... - //

දිය සීරා කඳු පීරා
වන්නම් ගමනින් බැස එනවා
දිය බිඳු ඇඟ සොළවා

සීනු හඬින් ලොව පිබිදෙනවා
නත්තල දොර ළඟ හිනැහෙනවා
ගවහලකට තරුවක් යනවා
අහසට පොළව ගැටේ... - //

=== Music ===

ප්‍රේමයේ ගී හඬයි
ලෝ දනා තුටින් ගී ගයයි
සෑම ජාතින් පවසයි
ඒ ප්‍රේමයේ දෙවිඳුමයි
ලෝ දණන් සැම හට බෙදයි
එතුම් ප්‍රේමය ලෝ පැතිරෙයි
සැම දණ නමව් - සැම දිව් පවසව්
ඒ ප්‍රේමයේ දෙවිඳුමයි

=== Music + Interlude ===

(7)

මා සමිඳේ
පවින් මුදන්නට ආ සමිඳේ
අප ගලවාගත් දෙව් සමිඳේ
ඔබ යලි කවදද එන්නේ සමිඳේ අපේ... //

මිනිස් සමාජය පාපෙන් බේරා ගන්නට මෙහි ආවා
දිවැස්වරුන් බොහෝ කලකට පෙර කී දේ ඉන් ඉටුවූවා

කලකට පෙර ඒ බෙත්ලෙහෙමේ
ශුද්ධවූ නගරේ
යේසුස් මෙලොවට බිහි වුනේ
පුංචි ගව මඩුවේ...

උඳුවප් මාසේ සීතල දවසක මැදියම් රෑ යාමේ
දෙව් මව් තුරුලේ උණුසුම ලබමින් මේ ලෝකෙට ආවේ

=== Music ===

මා සමිඳේ
පවින් මුදන්නට ආ සමිඳේ
අප ගලවාගත් දෙව් සමිඳේ
ඔබ යලි කවදද එන්නේ සමිඳේ අපේ... //

=== Music ===

ඔබ යලි කවදද එන්නේ සමිඳේ අපේ... ///

=== Music And End ===