යේසුගේ දරුවන්මයි අපි සැවොම
ලේ වලින් පිරිසිදු වෙලයි මේ විට
සාක්ෂිය දෙමු අපි සැමතැනම
පුදුමෙකි හිමි කලේ - මේ අපට

මේ ලොව සැමතැන අප යනවා
පිරිසිදු සෙනඟක් කැඳවනවා
යේසු රජු විගසින්ම එන බව මා
සියළුම සෙනඟට - දන්වනවා

ශුද්ධාත්මේ කොඩියයි අපේ බලය
ලැබුවොතින් මිස නම් බෑ යන්ට
දෙව්ලොව හිමි යේසු දැකගන්නට
දිව්‍ය වූ විමානය - හිමි වෙන්නට

පව්කරු දැන් බලන් කුරුසේ දෙස
එල්ලී සිටිනා හිමි දෙසම
පිරිලයි ප්‍රේමයෙන් මුළුමනින්ම
සෝදන්ට නුඹේ සැම - පව් කිළුට

තැවෙනුය නුඹ කල සැම පවටා
ලබනුය අදහා ගිල්වීමා
වළලා නුඹේ ගති මුළුමනිනා
දැවෙනුය ශුද්ධාත්ම - ගිනි කඳිනා