යේසුස් මාගේ ජීවිතයේ සවියයි
     කෙතරම් මට ප්‍රීතීද

මගෙ යෞවන කාලයේදී
මගෙ ජීවිතේ එඬේරා වේ //
ඔබෙ ආත්මය තුළ සැඟවී
ජීවත්වෙමි ඔබ උදෙසා...

ඔබ හට මගෙ හද ගීයෙන්
මගෙ සිතුවිලි ඔබ පසසයි //

සෑම නපුරු සිතක් නැතිවී
දූෂිත මාවත් නැතිවී //
ඔබෙ ආත්මය තුළ සැඟවී
ජීවත්වෙමි ඔබ උදෙසා...

ඔබ හට මගෙ හද ගීයෙන්
මගෙ සිතුවිලි ඔබ පසසයි //

මෙම මුළු ලොව ඔබම මවා
ඇති සැම දෙය මට පවරා //
ජීවනයට මඟ පෑදූ
දෙවි සමිඳුට ස්තුති වේවා...

ඔබ හට මගෙ හද ගීයෙන්
මගෙ සිතුවිලි ඔබ පසසයි //