ඇණ ගැසුවාවූ අත් විහිදමිනේ //
     ප්‍රේමයෙන් යේසුස් ඔබ කැඳවයි //

බලනුව හිමි දෙස කස පහර ලැබූ පසු
බර කුරුසිය ගෙන වැටි වැටි යන සේ //
පාපයේ සාපය ඉසුලුවේ ඔබටයි
බිය හැර හිමි වෙත එව් //

මත් වෙලාදෝ ඔබ ලෝ මායාවේ
මේ සැම දේවල් අප වනසනවා //
පිළිගෙන මේ දේ හිමි වෙත එනුවා
සරණ ලබාගනු දැන් //

කරුණාවෙ දොරටුව වසනට පෙර ඔබ
පසුතැවිලිව ගැලවුම ලබාගනු දැන් //
නව දිවියක් දී දිනෙන් දින වැඩෙන්නට
කරුණාව කිතු හිමි දෙයි //

යේසුස් හිමි හැර නැත ගැලවුම දෙන
නාමය මේ ලෝ දෙවිඳුන් පවසයි //
හිමි මඟ සත්‍යය ජීවය දෙන්නේ
ඔබ සියල්ලෙන් සියල්ලයි //