ආයාචනා කරම්
     දෙවිඳේ ඔබේ ළඟින් ඉඳන් //

දහසක් දුක් කරදර කම්කටොලින්
එතෙර වන්න බැරිව හඬන සිතකින් //
නැගෙනා වැළපුම් ගීයක් අරගෙන මං ආවා
දෙවිඳුනි මං ආවා

ආයාචනා කරම්...

ආශිර්වාදය ලබන්ට බැරිවී
ශාපයේ මාවත තුළ හිරවී //
නැගෙනා නෙත කඳුලැලි කරගන්නට හසරැලි
යොමුකල මැන දෙනුවන්

ආයාචනා කරම්...

නොකියම් දෙව් කෙනෙකුට මළවුන්ගේ
ඔබ දෙවිඳුන්ය ජීවත් වන්නන්ගේ //
ඔබෙ දෙසවන් නැහැ බිහිරි
ඔබෙ හස්තය නැහැ කොටවී
වචනය නැත බොරුවී

ආයාචනා කරම්...