අභිමුවේ සිටින්නම් මා දෙවි පියාණනී
ඔබෙ සෙනෙහේ ලබන්නම් මා
නිරතුරු යේසුනි
මා අත අල්ලමින් ගෙනයන් මා
ඔබේ සෙවනේ
සදා රැඳී සිටින්නෙමි මෙමා //

ඔබගේ වචනයෙන් මා හද පුබුදුවයි
ඔබගේ හඬ අසන්නම් මා
ඔබ මගේ සැනසුමයි
මා සිත සනසමින් ගෙනයන් මා
ඔබේ සෙවනේ
සදා රැඳී සිටින්නෙමි මෙමා

මා මුළු ජීවිතේ සමිඳේ ඔබ සතුයි
ඔබ පාමුල රැඳෙන්නම් මා
ඔබ මගේ හිමිකරුයි
මා දිවි සුරකිමින් ගෙනයන් මා
ඔබේ දෑතේ
සදා රැඳී සිටින්නෙමි මෙමා
සදා රැඳී සිටින්නෙමි මෙමා
සදා රැඳී සිටින්නෙමි මෙමා







~ ගායනය: දයාන් සෙනෙවිරත්න