අහසේ මුදුනේ තරුවැල් ඇතේ
මුහුදේ පතුලේ මුතුපර ඇතේ
පොළවේ අතුලේ මැණික් ගල් ඇතේ
මේවා දකින්ටා දෙනෙතක් ඇතේ

උදයට හවසට හිරුගේ රැසේ
සඳුගෙන් රැයෙදී සිසිලක් ලැබේ
ජීවත්ව ඉන්ටා පොළවක් අනේ
දුන්නු දෙව්ටා බෝ තුති වේ

කුසගින්න නිමවන්ට අහරක් ලොවේ
පවසට බොන්නට ජලයත් ගඟේ
සිරුර වසන්ටා ඇඳුනුත් අනේ
දුන්නු දෙව්ටා බෝ තුති වේ

ලොකු පුංචි මාළු පීනා යෙතේ
කුරුළු කොබෙයියෝ ඉගිලී යෙතේ
ලස්සන ගස වැල්ද මල් වැල් අනේ
දුන්නු දෙව්ටා බෝ තුති වේ