අසව් දූත ගී නද
රජුට උපන් අද
පොළොවේ සමාදානෙත්
සතට වේ දයාවත්
සෑම ජාතින් නැගිටිව්
දූතයන් හා ගී කියව්
බෙත්ලෙහෙම් පුරවරේ
ක්‍රිස්තුස් උපන් මේ වරේ

     අසව් දූත ගී නද
     රජුට උපන් අද

උසස් තැන්හි වැඳුම් ලත්
සදාකල් හිමි තෙදැත්
ක්‍රිස්තුස් තුම එයි බලව්
කන්‍යා ලද පුත් මෙලෙව්
වසා දේය ලීලාව
සැබැවින් මිනිසෙක්ව
මිනිසුන් හා වසන්ට
එම්මානුවෙල් වී තුට

     අසව් දූත ගී නද
     රජුට උපන් අද

සමාදානේ කුමරු
දමිටුකමේ හිරු
සියල්ලන්ට මිදීමත්
ගෙනා සේක එළියත්
තේජස හැර දමා
මිනිසුන්ට වී පෙමා
සදාකාල ජීවනේ
දෙන්ට ලොව උපන්නේ

     අසව් දූත ගී නද
     රජුට උපන් අද






අසව් දූත ගී නද - සී ඩබ්ලිව් ද සිල්වා ඉංග්‍රීසි ගීතිකාව සිංහළට පරිවර්ථන කරන ලදි.