දහදිය බිඳු ලේ වුනා //
වේදනාව වැඩි වුනා
ගෙත්සමනයෙදෑඑ //

ගෙත්සමනයෙදී ///
ගෙත්සමන් උයනේදී

පිය කැමැත්ත වෙන්නට //
ඔබේ කැමැත්ත හරින්නට
ඔබට සිදුවුණා //

ගෙත්සමනයෙදී...

වේදනා - විඳින විට
යේසුනි යාඤාවෙන් ඉන්නට
අපට බැරි වුනා //

යාඤා කරන්නට //
යේසුනි ඔබගේ ශක්තිය
දෙනු මැන අපහට
ගෙත්සමනයට ///
අප ගෙන යන්න