දහසක් අතරින් මා තෝරා ගත්තාවූ
     සමිඳුනි ඔබ හට නිරන්තරේ
     බැති ගී ගයන්නෙමි
     තුති ගී ගයන්නෙමි

අඳුරින් පිරි ලොව එලිය කරන්නට
දැල්වෙන පහනක් වී
දෙව් ජනතාවම ඔබට ගෙනෙන්නට
අවියක් වන්නද මා - //

දෙව් ජනතාවම රස ගන්වන්නට
පොලොවේ ලවනක් වී
දෙව් ජනතාවම ඔබට ගෙනෙන්නට
අවියක් වන්නද මා - //

දුක්ගිනි අරවා මේ ලෝ දනහට
සැනසුම් සුවයක් වී
දෙව් ජනතාවම ඔබට ගෙනෙන්නට
අවියක් වන්නද මා - //

වැඳුමට පිදුමට වහල් නොවන්නට
සැමටම මඟ පහදා
දෙව් ජනතාවම ඔබට ගෙනෙන්නට
අවියක් වන්නද මා - //

දිවියේ සියළුම අගය බලන්නට
සැමටද මඟ පාදා
දෙව් ජනතාවම ඔබට ගෙනෙන්නට
අවියක් වන්නද මා - //