දල්වන් ගින්නක් බෝ බලවත්
     අප තුළ සුරිඳුනි ශ්‍රී සුද අත්

ගින්න වැනි ඇස් වලිනා
සිත් අපගේ සොයනු මැනා
ගින්නෙන් පව් දවලා සැනා
පුබුදන් අප සැමා

ස්වර්ගයෙහි කවුළු ඇරා
ආසිරි බෝ දෙනු මෙවරා
ශුද්ධාත්මේ වගුරවලා
පුබුදන් අප සැමා

දෙව් කරුණා ගුණය මිසක්
නෑ අපගේ කිසිම හොඳක්
දෙව් හස්තේ දිගු කරලා
පුබුදන් අප සැමා

ප්‍රේමයෙනි සිත බැඳිලා
සාමයෙනි සිත පුරවා
එක්සත් වී සිටින ලෙසා
පුබුදන් අප සැමා

දෙව් ගෘහයේ ජ්වලිත කමින්
සිත් අපගේ ඇවිලේ මෙදැන්
යේසුස් සේ සිටින ලෙසින්
පුබුදන් අප සැමා