දෙවි පියාණෙනි මගේ උතුම්
භාර ගන්න මා තුති පිදුම්
ආත්මයෙන් පිරි ගෞරවයෙන්

ඔබට ප්‍රශංසා ඔබට
නමස්කාර කරන්නම් //

මව් කුසේ පටන් මෙමා ගෙනා
ප්‍රේමණීය මගේ දෙව් පියා
රැකවරණය දුන් සැටි සිතා

ලොව සියල්ල මවන්නට කලින්
නියම කළා සිදුවෙන්ට හොඳින්
මෙතරම් දුර ගෙනාවා සමිඳුන්