දෙවි සමිඳුන් කැමති ලෙසින්
     ඔබ දෙදෙනා මුන ගැසුනා
     දෙවිඳුන්ගේ කල් පිරුනා
     ඔබ හදවත් පෙම් බැඳුනා
     සැමදා ඔබගේ යුග ජීවිතයේ
     දෙවිඳුන් අදහස ඉටුවේවා - //

එකිනෙකාට සපිරුණු ජීවිතයක්
යුග දිවියේ අරුතක් වේවා
සැප දුක තුල ප්‍රේමය ඔබගේ
සත්‍යතාවයට ලං වේවා

     දෙවි සමිඳුන් කැමති ලෙසින්...

සේවය කරන්න ඔබ කැඳවා ඇත
ඔබෙන් ලොවට සෙත සැලසෙන්නේ
කුණාටු එන කල පිය දෙව් සමිඳුන්
පහන් ටැඹයි ඔබගේ දිවියේ

     දෙවි සමිඳුන් කැමති ලෙසින්...

සෙනෙහස බැඳි සාමයේ සොම්නස් ගඟ
ඔබ දිවි කතරට සෙත දේවා
දෙහදක බැඳෙනා තිරසර පෙමකට
දෙවිඳුගෙ ආසිරි අත් වේවා

     දෙවි සමිඳුන් කැමති ලෙසින්...