දෙවිඳාගේ ගුණ ගී ගොතා සෑමදා
     මල්දම් ලෙසින් පලඳලා
     පා කමල සිප දෑත මුදුනින් තමා
     මෙන්න වඳිනෙම් අපේ සග පියා //

දෙව් ප්‍රේමේ වණමු, ගයමු, නමමු =
රකිමු සැමදිනේ //
සිසිලක් මවා හදවතේ
හරයක් තබා ජීවිතේ
සසර, කතර, අමර, මිහිර
අපට හෙළිකලේ

දෙව් ප්‍රේමේ වණමු, ගයමු, නමමු
රකිමු සැමදිනේ //
දහසක් ලබා ආසිරි
යුගයක් පතා බෝ පිරි
සැපත, විපත, නියත, සුරත
වෙතට එමු ඇදී