දෙවිඳේ ඔබ සමිඳේ
     අප පවුලෙහි මුල අග වේ //

ලොව මුල් යුවලව ඇති කරලා
ආදරයෙන් බැඳලා
ලොව පිරෙනා තෙක් නිතිනා
වසනට වර දුන්නා

මව්පිය රැකවරණය හැරලා
අඹු සැමි එකතුවෙලා
දිවි ගෙවනා බව කිව්වා
එකම කයක් ලෙසිනා

අඹු සැමි අප හැම එකිනෙකටා
ගරු කටයුතු ලෙසිනා
ප්‍රේමයෙනා දරුවො සදා
ඇති දැඩි කරමු සැමා

නාසරතෙහි ඒ පවුල මෙනා
දේව භයින් පිරිලා
කල් ගෙවනා ලෙස තුටිනා
ආසිරි යදිමු සැමා