දෙවිඳු සොයන මට කිසිදා
කිසි යහපතකින් අඩු නොවේ //
තරුණ සිංහයෝ කුස ගිනි විඳිතත්
මම කුස ගින්නේ ඉන්නෑ //

     හා හාලේලූයා ගී ගයමු
     රන් ඇදහිලේ පවතිමු //

දෙවිඳු සොයන මට කිසිදා
කිසි යහපතකින් අඩු නොවේ //
රෝගිව නෑ මම දිළිඳුත් නෑ මම
අසරණකම් මට නෑ //

දෙවිඳු සොයන මට කිසිදා
කිසි යහපතකින් අඩු නොවේ //
දෙවිඳු කිවූ දේ දෙවිඳුන් සපුරයි
එහි සැකයක් මට නෑ //