දෙවිඳුගෙ ප්‍රේමයෙනා
     එකතුව අපි සැවොමා
     එතුමගෙ ප්‍රිය දරුවන් වෙමිනා
     කරමුව අපි පෙම සැමටා

පූජා කළත් සැමදේ
පෙම නැතිනම් මදි වේ //
අප ජීවිත එතුමට පුදදී
ප්‍රේමය රකිමුව සැමදා //

ප්‍රේමය ඉවසන්නේ
ගුණවත් බව ගන්නේ //
නපුරට ඉඩ අප තුළ නැතිවී
ප්‍රීතිය රජ කරනු ඇතා //

කරදර උසුලමිනා
සැබැවට ප්‍රීතිවෙනා //
ඇදහිල්ලද සැමදෙන රැගෙනා
ප්‍රේමය රකිමුව සැමදා //