දෙවිඳුනී, යේසුනී, ඔබ මගේ රජිඳා
ආදරෙන්, නම කියා, හඬ ගැසුවේ එදා
අන්ධකාරයෙ සිටින විට
පාපයෙ ශාපයෙ සිටින විට
ඔබමයි දයාව, දැක්වූයේ එදා
අහකට විසි කරලා, අඳුරේ හැරදමා
දුටුවත් නුදුටුවා සේ, අහක බලන් ගියේ...
දයාව නැත පෑවේ...
දෙවිඳුනී, යේසුනී...
සමිඳුනි ඔබ පමණයි, දයා නෙතින් බැලුවේ
පිවිතුරු සළුපිලි වලින් සරසවා, කිරුළක් පැලඳුවේ...
ජීවිතය දුන්නේ...
දෙවිඳුනී, යේසුනී...
ගායනය: දේව දරුවෙකු වන ගුලවිටගේ නිශාන්ත