දෙවිඳුන්ගේ බලවත් ක්‍රියා
සැමදාම මා දකිනවා
දෙවිඳුන්ගේ පුදුම ක්‍රියා
සැමදාම මට පේනවා //

ඉහළ අහසේ පොළෝතලයේ
පුදුම දේ දෙවිඳුන් කරයි //

ආකාසේ මාවත් සැදූ
රළු දියඹෙ මාවත් සැදූ
මරුකතරේ මා ළඟ විසූ
දෙවිතුමනි ඔබමයි රජු

ඉහළ අහසේ පොළෝතලයේ
පුදුම දේ දෙවිඳුන් කරයි //

රෝගයේදි මා සුවකෙරූ
විපතේදී මා ළඟ විසූ
දෑතින්ම මා වට කෙරූ
පියතුමනි ඔබමයි රජු

දෙවිඳුන්ගේ බලවත් ක්‍රියා...

ඉහළ අහසේ පොළෝතලයේ...