දිවැසිවරුන් කීලෙස සැම ඉටුවෙන රෑ
රජුන්ගේ රජු බිහිවෙයි මේ මනරම් රෑ
සගයේ දෙවිඳුන් කැමති ලෙසින් මේ රෑ
දිළිඳු ලෙසින් දරු උපතක් වෙයි මේ රෑ

එනු මා මිතුරේ පවසන්නට මේ රෑ
අපසතු පැවරුම පතුරමු නිසල වූ රෑ
දෙවිඳුන් තුටුවෙයි පවසමු පුවත මේ රෑ
දේව දුතුන් ලෙස සේවය කරමු මේ රෑ

පාපිවූ ගති ඇති සැම මනුසත මේ මුළු විශ්වයේ
තිර නැති සැම දෙය ගැන සිතමින් කාලය ගෙවන්නේ
ලොව මුල් යුවලින් ගෙන ආ අදමිටුකම් මේ දිනේ
සුන් කරනා මොහොත උදාවන්නේ
සුන් කරනා මොහොත උදාවන්නේ

ගස්වැල් රඟ දෙයි ශබ්දෙ දෙමින් මේ රෑ
කඳු හෙල් ගංගා ගීත ගයයි මේ රෑ
අප හඬ අසමින් සොබා දහම මේ රෑ
හෝ හෝ ගාමින් පවසයි සතුට මේ රෑ

එනු මා මිතුරේ පවසන්නට මේ රෑ...

පාපිවූ ගති ඇති සැම මනුසත මේ මුළු විශ්වයේ...

ගස්වැල් රඟ දෙයි ශබ්දෙ දෙමින් මේ රෑ...

ගස්වැල් රඟ දෙයි ශබ්දෙ දෙමින් මේ රෑ - ////