දිව්‍ය සැනසිලිකාරවූ ආත්මයෙනි
     අප වෙත වඩිනුව මේ වෙලේ
     සැම සිත් පුරවන්
     අද දෙව් බලෙනි

මේ උදයේ අපි සෑමදෙනා
රැස්වෙමු පාමුල දෙව් සමිඳා
ශුද්ධය ශුද්ධය ස්වාමිතුමා
වඳිනෙමු දෝත නඟා අපි

බෝ ජයලත් සබ දෙව් සමිටා
ගෞරව ගී පැසසුම් නොමදා
වීණා රබන් හොරණෑ නදිනා
පසසමු ශ්‍රී සුරිඳා අපි

තේජසේ ආත්මෙන පූර්ණ කරන්
දල්වනු දිව් ගිනි සිත්හි සැමා
පාප දවා නව ජීවනේ දෙන්
පුබුදමු ප්‍රේමය පා අපි

ආසිරි දෙන් සග ලෝ ඇරලා
ප්‍රේමෙන පූර්ණ කරන් මෙකලා
ස්වර්ගික ප්‍රීතිය හෘදේ නැඟේ
සැනසුම දේ හදටා මහ

යේසු රජුන් වඳිනෙම් බැතින්
ස්වර්ගේ දොරින් ඇතුල් වී එහිදී
දේව පුතුන් සමඟින් සැමදා
වසනෙමි රාජ්ජයෙහි මම