දූවිල්ලෙන් මා ඔසවලා
දමිටුකමින් මා දිවි සරසා
නම කියා, ඔබ මා කැඳෙව්වා
අඳුරෙන් මා දිවි මුදවලා
නපුරෙන් සැමදා මා ගලවා
දකුණතින්, ඔබ මා ඉසිලුවා

උස් වූ උසස් වූ දෙවිඳුනි
ඔබවන් වෙන කිසිවෙකු නැති
මගේ ජීවිතේ, ඔබගෙමයි සදා //

ඔබ මාගේ ශක්තියයි සැමදා
මුලු ජීවිතේ පුරා
ඔබ මාගේ ශක්තියයි සැමදා
මගේ ජීවිතේ පුරා //

ඕ... ඕ... ඕ... ඕ...

ස්වාමින් මා පර්වතයවේ
ගැලවීමේ බලකොටුව වේ
මරණයෙන්, මා දිවි ගැලවුයේ
මා වෙනුවෙන් දිවි කැප කලේ
මරණය පරදා නැගිටුනු
යේසුනි, ඔබ මා සමඟ වේ

උස් වූ උසස් වූ දෙවිඳුනි
ඔබවන් වෙන කිසිවෙකු නැති
මගේ ජීවිතේ, ඔබගෙමයි සදා //

ඔබ මාගේ ශක්තියයි සැමදා
මුලු ජීවිතේ පුරා
ඔබ මාගේ ශක්තියයි සැමදා
මගේ ජීවිතේ පුරා //











පද රචනය, තනු නිර්මාණය හා ගායනය:
දේව දරුවෙකු වන නිමේශ් ප්‍රනාන්දු සහ පිරිස