දුක හඳුනන දෙවිකෙනෙක් ඇත
මා කීවොත් පිලිගනීවිද //

දවසක සමිඳුන් ඔටුනු හැර දමා
දවසක සමිඳුන් සිහසුන් හැර දමා //

ලොව ගලවන්නට ආවා
මනු කයක් දරා ආවා
මා ගලවන්නට ආවා
මනු කයක් දරා ආවා

අප වාගේමයි පහර ලැබූවේ
අප වාගේමයි අඬා වැලපුනේ //

ලොව ගලවන්නට ආවා
මනු කයක් දරා ආවා
මා ගලවන්නට ආවා
මනු කයක් දරා ආවා

මිනිසත් බව ලැබ ඉවසනු ලැබුවේ
රළු කුරුසිය ගෙන අපෙ දුක් දැරුවේ //

ලොව ගලවන්නට ආවා
මනු කයක් දරා ආවා
මා ගලවන්නට ආවා
මනු කයක් දරා ආවා

දුක හඳුනන දෙවිකෙනෙක් ඇත
මා කීවොත් පිලිගනීවිද //

දවසක සමිඳුන් ඔටුනු හැර දමා
දවසක සමිඳුන් සිහසුන් හැර දමා //

ලොව ගලවන්නට ආවා
මනු කයක් දරා ආවා
මා ගලවන්නට ආවා
මනු කයක් දරා ආවා






ගායනය: දේව දරුවෙකු වන ගුලවිටගේ නිශාන්ත