එක් දෙයක් මං අසන්නම්
     එක් දෙයක් ඉල්ලන්නම්
     ලැගුම්ගන්න ඔබෙ පාමුලේ
     මුලු ජීවිතේ ඇතිතුරා
     පවතින තුරා, නිරතුරු සදා - //

අලංකාරයි, ශෝබමානයි
ආලේප ලත්, මා සමිඳා
මහිමාන්විතයි, තේජාන්විතයි
අභිශේක වූ, මා සමිඳා

     එක් දෙයක් මං අසන්නම්...

නමදින්නෙම්, පසසන්නෙම්
ආලේප ලත්, මා සමිඳා
ගී ගයන්නෙම්, නද දෙන්නෙම්
අභිශේක වූ, මා සමිඳා

     එක් දෙයක් මං අසන්නම්...