එම්මානුවෙල් ඔබෙ නාමය
උතුම්ය උසස්ය
අන් සෑම දේට වඩා

එම්මානුවෙල් අප සමඟ වේ
උතුම්ය උසස්ය
මහිමලංකාර වේ

මගෙ දිවිය යහපතින් පුරවා
ආදරෙන් කැඳවා
ජීවනයේ මග පෙන්නුවා
මා ලඟ නිතර සිටිනා
මා හද සනසවනා
එම්මානුවෙල් ඔබ වේ උතුම් //

එම්මානුවෙල් ඔබෙ නාමය...

එම්මානුවෙල් අප සමඟ වේ...

කුරුසියක ජීවිතය දුන්නා
මරණයද පරදා
මහිමයෙන් ඔසවා ගත්තා
දකුණුපස වැඩසිටිනා
නොකැලැල් බැටළු පැටවා
එම්මානුවෙල් ඔබ වේ උතුම්
එම්මානුවෙල් ඔබ වේ උතුම්
එම්මානුවෙල් ඔබ වේ උතුම්