කස පහරින් තැලුවා
යේසුනි ඔබේ කය
කටු ඔටුනක් දැම්මා
යේසුනි ඔබේ හිස
ඇණ පහරක් ගැසුවා
යේසුනි ඔබේ දෑත
මා වෙනුවෙන් ගැලුවා
යේසුනි ඔබේ ලෙය

ගැලුවේ ඔබේ ලෙයයි
දැරුවේ මගේ දුකයි
සිතුවේ මා ගැනයි
ගෙව්වේ මගේ ණයයි //