ගණනින් කියා දෙන්න බැරි ස්තුතියෙන්
     නිතර සමිඳුන්ට මා ගී ගයම් //
     මා ජීවිතේ මේ වනතුරා
     ස්වාමින් යහපත් නිසා

ආකාසේ හා එහි වූ සැමා
මුළු විශ්වයම එක්තැන් වෙලා
භූමියේ දක්නා සියල්ලෝ
සමිඳුන්ට පැසසුම් කෙරේ

ගණනින් කියා දෙන්න...

විදුලි බලැත් දියැලි හා ඒ තුළින්
ගලා යන්නාවූ ගංගා වලින්
පොළොවෙහි උල්පත් සියල්ලෝ
සමිඳුන්ට පැසසුම් කෙරේ

ගණනින් කියා දෙන්න...

යෞවන යෞවනියන් මෙසේ
වැඩිමහලුන්ද එක්වී තොසේ
ළදරුන් හා ඔවුනොවුන් ගයා ගී
සමිඳුන්ට පැසසුම් කෙරේ

ගණනින් කියා දෙන්න...