ගෙන මා දිවි තුට - Kithunu Gee Potha - Web v1.7
Back
Home
ගෙන මා දිවි තුට
කැප කරන් ඔබට
ගෙන මා සැම දවස්
නික්මවන් ඉන් ගී සොම්නස්
ගෙන මාගේ අත් එයින්
තුටු දෙයක් කරවන්
ගෙන පා රුවැත් කොට
යොදන් ඔබ වැඩේට
ගෙන මා හඬ නිතින්
ගී කියන්ට සලස්වන්
ගෙන දෙතොලත් මගේ
කියන් බස් ඔබගේ
ගෙන මාගේ රන් රිදී
සැම දේම සිත් ලෙදී
ගෙන මනැසත් සොඳේ
කරන් ඔබ රිසි දේ
ගෙන කැමැත්ත මාගේ
කරන් එය ඔබගේ
ගෙන මා සිතත් නිතින්
කරන් ඔබ සිහසුන්
ගෙන මාගේ පෙම් කඳ
ඒ ඔබට දෙම් පුද
මාද මාගේ සියල්ලත්
ඔබමයි ඉතින් දෙව් පුත්
TOP
loading