හිමි කල්වරි කුරුසේ ඉන්නා
     උණුවෙන්නේ නැත්තේ
     ඇයි හදවත් //

පාපි අප ගලවන පිණිසා
ආවේය එතුමා මෙළොව වෙතා //
නොපෙනේද හිමිතුම එල්ලි කුරුසේ
ඉන්නේ අප උදෙසා //

වියලී ඇත එතුමගෙ සිරුරා
බලනේය කැඳවන විලස දනා //
අපගේම වරදින් එල්ලී කුරුසේ
ඉන්නේ දැඩි දුකිනා //

රෝග නිසා විඳ කස පහරා
අපගේම පව් උසුලා ගත්තා //
ඔබ ප්‍රේමයෙන් දැන් එන්න හිමි වෙත
වීර්යයෙන් සැණිනා //

සූර්ය එළියද නොමැති වුනා
මුලු දේශයද අඳුරෙන් වැසුනා //
මළසේක සුරනිඳු යේසු අපහට
ජීවනය දෙන්ටා //