හිමි මගේ එඬේරාය
මට හිඟ නොවෙයි
සැනසිලි ගෙන් දේය
පෙමින් මග පෙන්වයි

ආත්මෙට මා සැප කොට
දමිටු මංවල
ගෙන යමින් දයා කොට
දෙවයි සිත් විපුල

ඔබ මා සමඟ බැවින්
මරු සෙවනේදිත්
භය නොවෙමි නොපැකිලෙමි
මොන දුකක් ආවත්

ඔබගේ සැරයැටියත්
ඔබගේ කෙවිටත්
මෙමා හට පහසු දෙයි
අනතුරක් නොවෙයි

සතුරන් ඉදිරියෙහි
සරසා දෙයි බොදුන්
තෙල් ගෑවූසේක් මා හිසෙහි
ඉතිරෙයි පැන් බඳුන්

යහපත්කමත් කරුණාවත්
ළඟමයි මා දිවිහිමි
දෙව් නිවසෙහි සිරිමත්
සදාකල් වසන්නෙමි