හිමියනි කථා කරන්
ඔබ මෙහෙකරුට
යොමුව ඇත මගේ කන්
ඔබ හඬ අසන්ට
කථා කරන් ස්වාමිනි
කිම්ද මට කියන්නේ

හිමියනි කථා කරන්
නමම කියා මට
වඩා යුහුව එන මෙන්
දෙන් සවිය මා හට
එඬේරා අනුවම
යනසේ නොරඳාම

හිමියනි කථා කරන්
නොවටින්නෙක් වූ මට
මා සිත්හි මහත් ආසාවන්
දන්නා සෙක සොඳට
කථා කරන් කුළුණෙන්
සැබෑ සෙත මට දෙන්

හිමියනි කථා කරන්
ඒ හඬ ඇසුනාම
කීකරු සතුටු සිතින්
එන්ට ඔබ පස්සේම
මෙන්න කන්දී හිඳිමි
කථා කරන් මා හිමි