අඳුරෙන් ලොව ගලවන්නා
නපුරෙන් අප සැම මුදවනා, පූජාවක් ලෙසිනා
දෙවිඳුන් මනු කය වීලා
ගවලෙන තුළ මේ ලොව වැඩියා
සග ලොව මහිමය හැරදා

ජේසුන් ආවේ අප ගලවන්නටා
ජේසුන් ආවේ ලොව ගලවන්නටා
ඕ... ඕ... ඕ... ඕ... ඕ... ඕ... ඕ... ඕ... ඕ...

කස පහරින් දුක් විඳිනටා
අප ශාපය උසුලන්නටා
අඳුරෙන් අප ගලවන්න ඔබ ආවා
අප පාපයෙ කුලී ගෙවනටා
කුරුසිය මත දිවි පිදුමටා
අප හට ජීවය රැගෙන ඔබ ආවා

ජේසුන් ආවේ අප ගලවන්නටා
ජේසුන් ආවේ ලොව ගලවන්නටා
ඕ... ඕ... ඕ... ඕ... ඕ... ඕ... ඕ... ඕ... ඕ...









ගායනය: නිමේශ් ප්‍රනාන්දු ඇතුලු පිරිස - 2017