ජීවිතේ මට දුන්නු දෙවි තුමනේ -
මගේ පණ නල ඔබ අතේ රැදුනේ - //
රැක ගන්න සමිඳුනි මා - ////

සතුරු අනතුරු මා වටේ එන්නේ -
රුදුරු බියකරු සතුන් විලසින්නේ - //
රැක ගන්න සමිඳුනි මා - ////

හිරු උදා වී දවස ඇරඹෙන්නේ -
දිවිය ගෙවුමට මා වෙහෙස වන්නේ - //
රැක ගන්න සමිඳුනි මා - ////

අඳුරු සිතුවිලි වලින් වට වෙන්නේ
දුක් සුසුම් පැරදුම් වෙළා ගන්නේ...//
රැක ගන්න සමිඳුනි මා - ////