කඳු දෙසට මගේ ඇස් ඔසවා
     බලා සිටින්නෙමි //
     කොහෙන්ද මට උපකාරය එන්නේ - //
     අහසත් පොළවත් මැව්වාවූ
     දෙවිඳුන්ගෙන් පමණි - //

පාද ඔබේ පැකිලෙන්නට නාරියි
ඊශ්‍රායෙලේ ආරක්ෂක නොනිදයි //
සමිදුන් ඔබ ආරක්ෂකයා වෙයි
දකුණු අතින් එතුමා සෙවනක් සේ //

නපුරෙන් ඔබ ආරක්ෂා කරයි
ඔබෙ ආත්මය සුරැකිව තබයි //
හිරු සඳු ඔබ හට පහර නොදෙයි
යන එන මඟ දෙවිඳුන් සුරකියි //