ක්‍රිස්තුස්ගේ හේවායෙක් වෙන්ට
සේනාවට යන්ට
කැඳවීම ඇසුනේම
දේවාත්මයෙන් මය

     හොඳට යුද්ද කරම්
     ක්‍රිස්තුස්ගෙ නාමයෙන් නාමයෙන්
     වෙනස් නොවන ඔටුන්නක්
     ලබන්ට එහිදී

කුරුසේ උසුලන්නට
ලැජ්ජාවක් නෑ මට
මා නිසා දුක් වින්ඳා ඔබ
සිහිකරම් මම

කටු ඔටුන්නයි ලකුණ
ගැලවුම්කරුගේ
යුද්ද හේවායා යේසුගේ
ආසා නෑ ලෝකෙට

යේසුස්ගේ ලේවල බලෙන්
මට ජය තිබේ
යේසුගේ යුද්ධ ආයුදෙන්
සියල්ල හැකි වේ

ජීවිතේ මාගේ පුදන්ට
කියන්නෙම් නම් ඔබ
ස්වාමිගේ කුරුසේ බලෙන්
ලෑස්තිය සතුටින්