කුරුසියෙ සෙනෙහස
     මා මෙනෙහි කරන විට
     හද උණුවී සිත මෙලෙක් වී
     දෙනෙතෙ කඳුලු පිරෙයි //

වැගිරෙන මනහර තෛලේ
මා ප්‍රේම යේසුස්ගෙ නාමේ //
මුලු ලෝකෙම සත්දිසාවෙහි
සුගන්ධය පතුරවමින් //

කුරුසියෙ සෙනෙහස...

ප්‍රතීප්‍රේමෙ දක්වම් කෙසේදෝ
මා පාපෙ දැරුවා නොවේදෝ //
රුධිරේ ගලා හින්සා දරා
ඔබේ ජීවේ පුදනු කලා //

කුරුසියෙ සෙනෙහස...




==========
~ ගායනා කරන තවත් විදිහක් ~ :
==========

මා ප්‍රේම යේසුස්ගේ නාමේ
වැගිරෙන මනහර තෛලේ //
මුලු ලෝකෙම සත්දිසාවෙහි
සුගන්ධය පතුරවමින් //