ලෝකයේ ආලෝකේ
ඔබමය කිතු සමිඳේ
ඔබ මඟ එන සැම අඳුරෙහි නොහැසිර
ජීවන ආලෝකේ
ලැබගන්නා බව මනුසත හට පැවසුවෙ
ඔබමය සමිඳේ

ලෝකයේ ආලෝකේ
මමය කී සමිඳේ
ඔබෙ ආලෝකය අනුව එමු //

ලෝකයේ ආලෝකේ
මමය කියූ සමිඳේ
අප ඔබ අදහා ආලෝකය ලැබ
වෙමු දරු ආලෝකේ
අඳුරු ක්‍රියා අතහැර අලෝකයේ
ආයුධ පැළඳගමු

අඳුරු ක්‍රියා අතහැර අලෝකයේ
දරුවන් මෙන් අපි සැම වෙසෙමු //

දෙව්දරු අපි සැවොමා
ලෝකාලෝකය වේ
අප යහපත් වැඩ දකිනා ලෝ සත
අප සග පියතුමටා
ගරු කරනා ලෙස ලොව දස අත අපි
බබලමු ආලෝකේ

සත්‍යය, ධර්මිෂ්ඨකම යහපත්කම
ආලෝකයෙ ඵල වේ
ඒ ආලෝකයෙ ඵල දරමින් අපි
බබලමු ආලෝකේ