මා බලවත් කරනා සමිඳේ
     ඔබ තුල මට කල හැකි සැම දේ
     දුබල මා සිත සැලෙනා මොහොතේ
     දිරියක් වී රැඳෙන්න නිබඳේ //

දිවියේ පැණ පොදි හැරදා
නැගිටින්නට වෙරලන සඳ
කුරුසියෙ සෙවනැලි අතරේ
පා නගන්න දිරි දෙනු මැන
සමිඳේ සමිඳේ - //

     මා බලවත් කරනා සමිඳේ...

හිරු බැස යන අවරගිරේ
ඔබෙ අතැඟිලි මත රැඳිලා
දිවියේ ජය පැරදුම් හා
දුකයි සැපයි දෙකම කියමි
සමිඳේ සමිඳේ - //

     මා බලවත් කරනා සමිඳේ...