මා දුබලයි සමිඳේ
     මා දුබලයි සමිඳේ
     ඔබෙ සවියෙන් මා යලි නංවා
     වඩින්න දෙවි සමිඳේ - //

දුබල බවේදී ප්‍රභල බව දැනේ හද සවිමත් වීලා
සෑහේ සමිඳේ ඔබේ වරම් මට මේ දිවි කතර පුරා
පාළුව තනිකම මකා දමා මා ඔබ හා සමඟ සදා
යෞවන හසරැලි මුමුණා ඉන්නට නිබඳ දිරි ලැබේවා

මේ ලොව ලස්සන බලන්න මගේ නෙත් මා හට තිළිණ කලේ
හැම හමුවීමක ඔබේ මුව දකින්න මුළු හද විවර කලේ
ශාන්තියේ අරුණළු කැන්දාලා සතුටින් මා පිනවූ
මිතුරන් අතරේ සිනහව වුව මැන සෙනෙහස හද බැන්ඳූ