මා හිමිට ගී කියම් මම්
ඒ මහත් පෙම නිසා
මා මුදන්ට දී තමන් දෙව්
කුරුසේ මළ නිසා

     ගී කියව් ... මගේ හිමිට
     මා මිදු ලෙසින් තමන්
     කුරුසේ - නැසි එවිට
     මා ණය ... ගෙවූ හෙයින්

මා හිමි දයාව දක්වම්
දෙන්ට සෙත් මෙ මා හට
දෙව් ලොවෙහි සැප සම්පත්
හැර ආ නිසා තුට

මා හිමි පැසසුම් දෙම්
ඒ තුමන් ජය ගැනත්
පාපයෙන් නිරෙන් රුදුරු
දෙයි මට ජය මහත්

මා හිමිට ගී කියම් මම්
ඒ තුමන් දයා නිසා
මරණින් ජීවනයට
මා පැමිණ වූ නිසා