මාව ගලවාගත් දෙවිඳා ඔබයි
     මා ලඟ ඉන්න දෙවිඳා ඔබයි
     මාගේ විපතෙදී, මාගේ සතුටෙදී -
     මාව අත්නොහරින දෙවිඳා ඔබයි - //

ඔබටමයි මා ගයන්නේ, ඔබ ගැනයි මා සිතන්නේ
වෙන මඟක් නෑ සොයන්නේ, ඔබය පිළිතුර සමිඳේ
පිළිතුර සමිඳේ, පිළිතුර සමිඳේ -
ඔබය පිළිතුර සමිඳේ //

ඔබගෙ පියාපත් සෙවනේ, ගීතයෙන් නමදින්නේ
මාගේ සැඟවෙන ස්ථානේ, නිතරම රක්ෂා කරන්නේ
රක්ෂා කරන්නේ, රක්ෂා කරන්නේ -
නිතරම රක්ෂා කරන්නේ //