මාවත අයිනේ දුකින් සිටි මා
     සරණක් නොමැතිව හඬමින් සිටියා
     යේසුස් වහන්සේ අසලින් ගියා
     මුළු ලොවම මා හට එරෙහි වුනා //

මිතුරේනි මං අද අන්ධ වෙලා
ලස්සන මේ ලොව කවදා දකිම්දෝ //

මේ ජීවිතේ මා කලක් ගෙවීලා
මෙලෙස ගෙවන්නට කුමක් කළේ මා

     මාවත අයිනේ දුකින් සිටි මා...

දැන් මාගේ කාලය එලඹී ඇතේ
යේසුනි මා හඬ ඔබ හට ඇසුනා //

අන්ධ වූ මාගේ නෙත් දෙක දුටුවා
ලස්සන ලොව මට දකින්න ලැබූනා

     මාවත අයිනේ දුකින් සිටි මා...

අන්ධ වූ මාගේ නෙත් දෙක දුටුවා...





ගායනය: දේව දරුවෙකු වන ගුලවිටගේ නිශාන්ත