මගෙ දුර්වල තැන් පවිත්‍ර කළ මැනවි
මගෙ හදවත දැන් පවිත්‍ර කළ මැනවි
මගෙ මනසේ කිලිටි තැන්
ඔබ අකමැති සිතුවිලි දැන්
ඔබේ ලෙයින් සේදුව මැනවි
ඔබේ ලෙයින් සේදුව මැනවි //

මා බලනා නෙත් ඔබ ලෙයින් පවිත්‍ර කරන්න
ඔබ වෙත ඔසවන මා දෑත් පවිත්‍ර කරන්න
මා දෙසවන් දිව තොල් හදවත පවිත්‍ර කරන්න
පවිත්‍ර සිතකින් යේසුනි ඔබ නමදින්න
පවිත්‍ර සිතකින් යේසුනි ඔබ නමදින්න