මගේ ගෘහය ඔබගේ, සැලැස්ම වන්නට
මා මෙහෙකරනා තැන ඔබගේ සැලැස්ම වන්නට
මා සිටිනා සැමතැන ඔබගේ සැලැස්ම වන්නට
මට කියා දෙන්න සමිඳේ, මට වටහ දෙන්න සමිඳේ -
ඔබේ සේවයේ යෙදෙන්නට - //

දිනා ගන්න අඳුරේ මුලා වූ සැම දෙන
බෙදා ගන්න සුපුවත යොෂුවා විලසින
ගෘහයේ දර්ශනයට මෙහෙකරන්න සැමදින
මට කියා දෙන්න සමිඳේ, මට වටහ දෙන්න සමිඳේ -
ඔබේ සේවයේ යෙදෙන්නට - //