මගේ සියළු මාර්ග වලදී ඔබ සිහි කරන්නෙමි
ජීවිතයේ සැමදා ඔබ ගැන සිතන්නෙමි
සැපතේදී වුවත්, විපතේදී වුවත්
ඔබ මගේ දෙවිඳුන් බැව් සිහි කරමි - //

     සමිඳේ ඔබේ ප්‍රේමේ නිමා නොවෙයි
     ඔබ දයාබරයි, කරුණාවන්තයි
     ඔබගෙන් වෙන් වී දිවි ගෙවනට මට නොහැකි
     සමිඳේ ඔබට මා ආදරෙයි - //

මගේ සියළු දොම්නස් වලදී ඔබ සිහි කරන්නෙමි
සිනහා නැගෙනා විටදී ඔබ හට ස්තුති දෙන්නෙමි
අඳුරේදී වුවත්, එලියේදී වුවත්
ඔබ මා ලඟින්ම බැව් මා දනිමි - //

     සමිඳේ ඔබේ ප්‍රේමේ නිමා නොවෙයි
     ඔබ දයාබරයි, කරුණාවන්තයි
     ඔබගෙන් වෙන් වී දිවි ගෙවනට මට නොහැකි
     සමිඳේ ඔබට මා ආදරෙයි - //

     මා ආදරෙයි (මා ආදරෙයි ) ///










ගායනය: ශෙහාන් දේවප්‍රිය