මේ දුර අපි ආවා
     දෙවිඳුන් ගෙන ආවා
     තව දුර අපි යනවා
     දෙවිඳුන් ගෙන යනවා //

දෙවිඳුන් කල මහ පුදුම දේ අපට තිබේ
ගයමින් වයමින් මහිමය පුද දෙන්නේ
කුඩා වුවත් අපගේ ඒ, ඇරඹුම
විශාල කල, දෙවිඳුන් හට, පැසසුම

     මේ දුර අපි ආවා...

අප සැම ආ මග බාධා බොහො තිබුණේ
ජය ගන්නට දෙවිඳුන් මග, පෙන්වූයේ
කුඩා වුවත් අපගේ ඒ, ඇරඹුම
විශාල කල, දෙවිඳුන් හට, පැසසුම

     මේ දුර අපි ආවා...







ගායනය: දේව දරුවෙකු වන ගුලවිටගේ නිශාන්ත