මිදීමේ වීරයා, නිති ජය මට දෙන
මා තුළ වැජඹෙනා, සන්තෝශයි මට
මා ගයමි ගයමි ස්තුතියෙන්
මා නටමි නටමි සතුටින් //
මා දිවගොස් කියන්නම් //
මගෙ යේසුස් ජීවමානයි //

එතුම් මාව සොයමින් ආවේ
ඒ තුරුලේ සනසාලූවේ //
මගේ පාප කමා කරලා
නව ජීවයක්ම දුන්නේ //
හල්ලේලූයා ආමෙන්... //////

ඒ ප්‍රේමේ ආලේපයෙන්
පුරවන්නේ ගෙනයාමට //
සාතන්ගේ බලය කඩලා
අධිපත්‍යය දුන්නා මට //
හල්ලේලූයා ආමෙන්... //////

රතු මුහුද දෙබෑ කරමින්
යොර්දානේ පා තබන්නේ //
යෙරිකෝව වටා යන්නේ
හොරණෑවෙන් ජයම ගන්නේ //
හල්ලේලූයා ආමෙන්... //////