මිහිරි සුවඳක් ලෙසින්
ඔබ නමදින්නෙමි
පූජාවක් වෙලා ඔබ පසසන්නෙමි //

මුළු ලෝකයම අතහැරලා
ඔබ ළඟට එමි
පූජාවක් වෙලා, ඔබ පසසන්නෙමි //

මම සමිඳුන්ගෙන් එක් දෙයක් ඉල්ලන්නෙමි
මුළු හදවතින් මම එය සොයන්නෙමි
එතුම් මාළිගයේ සැමදාම වෙසෙන්නෙමි
අලංකාරය සැමදා දකින්නෙමි

මිහිරි සුවඳක් ලෙසින්...







ගායනය: දේව දරුවෙකු වන ගුලවිටගේ නිශාන්ත